ප්‍රංශෙට ගහද්දි අපට රිදුනෙ ඇයි?

Monday, November 16, 2015

                          පසුගියදා ආදරයේ නගරය ලෙස හදුන්වන පැරිස් නගරයට IS ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මුලු ලෝකයම සලිත කරලන්නක් විය. එයත් සමග ලෝකයේ සියලු ජනතාව පාහේ පැරිස් ජනතාවත් සමග ඔවුන්ගේ දුක බෙදාගැනීමට එකතු වූ අතර අන්තර්ජාලයේද විවිධ සමාජ ජාලාවන්හීදී Hashtag භාවිතයෙන් විවිධ අදහස් ඉදිරිපත් වන්නට විය.


ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන සමහරුද මෙයට එක්වූයේ එසේ නොකරහොත් එය මදිකමක් යැයි සිතාගෙනදැයි මට සිතේ. අන්තර්ජාලයෙන් අපට ලැබෙන සියලු දේ බදාගැනීම මෙරට සමහරුන්ගේ ක්‍රමය බව තවදුරටත් පසක් වීම මේ කාරණය මගින් සිදුවිය. මීට පෙරද මෙවැනි සිදුවීම් ඕනෑ තරම් සිදුවී ඇත, උදාහරණයක් ලෙස ඇමරිකාව සමලිංගික විවාහ එරට නීතිගත කිරීමත් සමග ෆේස්බුක් පුරා පිරිස් තම Profile Pictures දේදුනු වර්ණ වලින් හැඩ කරේ එයට සහය දැක්වීමක් වශයෙනි. මෙරට පිරිස්ද රැල්ලට Profile Pictures වෙනස් කරගත්තේ මෙය කුමන පරමාර්ථයෙන් සිදුවනවාදැයි තඹ දොයිතුවක හැඟීමකින් නොවේ. මෙරට තබා පිටරට පිරිස් වලටත් තමා පලකිරීමට යනදේ පිලිබඳ හරි හැටි අවබෝධයක් නොමැත. පහත පින්තූරයෙන් එය මොනවට පැහැදිලි වේ. #PrayForParis පිළිබඳ ඔවුන් සිතා ඇත්තේ සුප්‍රසිද්ධ චරිතයක් වන Paris Hilton පිලිබඳ කරුණක් මෙයට සම්බන්ධ බවයි.  :p 


අප මෙලෙස ප්‍රංශය වෙනුවෙන් උඩ නොපැනිය යුත්තේ ඇයි?? මක් නිසාද අපේ රණවිරුවන් දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමා කරද්දි ඔය කිසිම රටක් අප වෙනුවෙන් උඩ පැනීමට ඉදිරිපත් නොවුන නිසාය, එසේම LTTE ත්‍රස්තවාදීන් අප රටේ මරමස්ථාන වලට පහර දෙද්දී අඩුම වශයෙන් අපවත් #PrayForSrilanka නොකීව නිසාය. අප ලෝකයේ යම්කිසි මිනිසුන් කණ්ඩායමක් මිය ගිය විට එය දැක සතුටුවන ම්ලේච්ඡයන් නොවෙමු. නමුත් ප්‍රංශයේ මිය ගිය ගණනට වඩා අති විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් දිනපතා අප්‍රිකාවේ, මැද පෙරදිග හා ආසියානු රටවල ත්‍රස්තවාදී ක්‍රියා නිසා මියයයි. ඔවුන් වෙනුවෙන් තම කණගාටුව ඉදිරිපත් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ.

අවසානයේ මාගේ පෞද්ගලික අදහස වන්නේ ශ්‍රී ලංකාවෙ සමහරක් #PrayForParis කියමින් කෑගැසුවේ හුදෙක් Posh මානසිකත්වයෙන් මිස කිසිදු මානුෂික හැඟීමකින් නොවන බවයි!

#PrayForWorld








You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images